Saturday, April 27, 2024

General line - 0115112241

පොලිසියට පේන්න අරක්කු පෙරණ ගමක්! මන්ත්‍රීගෙන් පොලිසියට චෝදනා

හේමන්ත කහවලගේ/ පසන් වික්‍රමතිලක




හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ප‍්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට පොලොන්නරුව දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිඞ්නි ජයරත්න චෝදනා කරනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. 

"බකමූණ, මින්නේරිය, හිඟුරක්ගොඩ, හබරණ සහ මැදිරිගිරිය පොලිස් බල ප්‍රදේශතුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වැඩි වෙලා තියෙනවා. පොලිසියට පෙන්න අරක්කු පෙරණවා. " යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙම තත්ත්වය වහා නිවැරදි කිරීමට පියවර ගත යුතු බව මන්තී‍්‍රවරයා අවධාරණය කළා.