Saturday, April 27, 2024

General line - 0115112241

දින 10ක බිළිඳියක් අමෙරිකාවේ සෙනට් සභාවේ ඡන්දයකට එයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දින 10ක් පමණ වයසැති බිළිඳෙකු ඡන්ද විමසීමක් සඳහා අමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයට පැමිණී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සිද්ධිය වාර්තාවුණේ අමෙරිකානු කොංග‍්‍රසයේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය වන සෙනට් සභාවේ සාමාජික ටමී ඩක්වර්ත් සිය බිළඳි දියණිය සෙනට් මණ්ඩලයට රැගෙන ඒමත් සමගයි.

සෙනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව ඇය ඊයේ පැවැති ඡන්ද විමසීමකට සිය ඡන්දය භාවිත කිරීම සඳහායි මෙලෙස සිය බිළිඳු දියණිය සමග පැමිණ ඇත්තේ. සිය කාර්යාලය තුලදී දරු ප‍්‍රසූතිය සිදු කළ පළමු සෙනට් සාමාජිකාව ලෙස ටමී ඩක්වර්ත් පසුගියදා වාර්තා අතරට එක්වුණා.

වැටුප් සහිත ප‍්‍රසූත නිවාඩු ලබා නොදෙන ලොව එකම සංවර්ධිත රට ලෙස වාර්තාවන්නේද  අමරිකාවයි.