Saturday, April 27, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපල ගැන ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවේ නියමුවා දුන්නු සහතිකය

ඩිල්ෂාන් මඩවල




ගුවන් යානා මෙහෙයවීම සදහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ඇති පහසුකම් ඉතා සතුටුදායක බව ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියාමුවා පවසනවා. ඇන්ටනෝව් 225 දරණ මෙම යානය ඉන්ධන ලබාගැනීමට සහ කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගැනිම සදහා ඉකුත් 17 වනදා අතරමැදි නැවතුමක් ලෙස මත්තලට පැමිණියා. 

නියමිත කටයුතු අවසන් කිරීමෙන් පසු යානය නැවත පිටත්ව ගියේ අද අලූයමයි. එලෙස පිටත්ව යාමට පෙර යානයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ උත්සවයක්ද මත්තල ගුවන් තොටුපොල විසින් සංවිධාන කර තිබුණා. 

එම උත්සවයෙන් පසු මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් යානයේ ප‍්‍රධාන නියමුවා කියාසිටියේ මත්තල ගුවන් තොටුපොලේ ඇති පහසුකම් ලෝකයේ දැනට ඇති  ඕනෑම ප‍්‍රමාණයක ගුවන් යානයක් මෙහෙයවිම සදහා ප‍්‍රමාණවත් වන බවයි. එහි ඇති ඉඩකඩ සහ ධාවන පථය ඒ සදහා ඉතා යෝග්‍ය බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. සිය ගුවන් සමාගමද මත්තල ගුවන් තොටුපොලේ ඇති මෙම පහසුකම් පිළිබද සෑහීමට පත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. ඒ අනුව ඉදිරියේදී තවදුරටත් මත්තල ගුවන් තොටුපොල භාවිත කිරීමට සිය ගුවන් සමාගම කටයුතු කරනු ඇතැයිද විශ්වාසය පළ කෙරුණා.