Saturday, April 27, 2024

General line - 0115112241

එජාප ප්‍රතිසංවිධානය යටතේ සිරිකොත ශක්තිමත් කෙරේ




එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම සදහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පැවසුවේ පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව මෙය කටයුතු සිදු වන බවයි. 

එ් අනුව ජන සන්නිවේදන හා ප‍්‍රචාරක අංශය, ප‍්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයන් බඳවා ගැනීම හා ප‍්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් කි‍්‍රයාවට නැංවීම සහ ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරෙනු ඇති. ඔවුන්ට සහාය දැක්වීමට විෂය භාර නව ලේකම්වරු තිදෙනෙක් පත් කිරීමටද තීරණය කර තිබෙනවා. 

පක්ෂයට නව සාමාජිකයන් බදවා ගැනීම හා ප‍්‍රවර්ධන කටයුතු බිම් මට්ටමේ සිට කි‍්‍රයාවට නැංවීම ජාතික සංවිධායකවරයාට පැවරෙනු ඇති. ජන සන්නිවේදන හා ප‍්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යාම එ් සඳහා පත් කරන ප‍්‍රධානියාට පැවරෙන බවයි එක්සත් ජාතික පක්ෂය නිකුක් කළ නිවේදනයේ දැක්වෙන්නේ. පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ මෙහෙයවීමේ කටයුතු මහලේකම්වරයා වෙත පවරා තිබෙනවා.

නව ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා පියවර රැසක් මේ වන විට ගෙන තිබෙන බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ. පක්ෂ මූලස්ථානය අංශ තුනකට වෙන් කර නිලධාරී මණ්ඩලයකට බලය පැවරීම එහි තවත් පියවරක් වනවා.