Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රිකට් ආයතනයේ රහස් ගැන රන්ජන් හෙළිකරයි (PHOTOS)

දිල්ශාන් තුෂාර / කසුන් කැලුම්




අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය සම්බන්ධයෙන් සිදුකල විමර්ෂණයකට අදාලව තමන්ගෙන් ද ප්‍රශ්න කල බවත් එහිදී තමන් දන්නා කරුණු සියල්ල හෙලිකල බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක අද (23) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්ථමානයේ සිදුව තිබෙන කඩා වැටීමට වගකිවයුත්තේ තිලංග සුමතිපාල ප්‍රමුඛ ක්‍රිකට් පාලක මණ්ඩලය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වර්ථමාන පාලක මණ්ඩලය බලයට එන විට 2 -3 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් 8 වන ස්ථානය දක්වා පහතට ගොස් ඇති බව සඳහන් කළා.

වර්තමාන ක්‍රිකට් සභාපතිවරයා විසින් ලසිත් මාලිංග ගෙන් පලිගන්නා බවද නියෝජය ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ක්‍රිකට් ආයතනය විසින් කි‍්‍රකට් විශ්ව විද්‍යාලයක් සැදීමට කියා ස්වාමින් වහන්සේ නමකට රුපියල් මිලියන 25ක් දීලා තියෙනවා. චෙක් එක අතින් ලියලා දීලා තියෙන්නේ. කි‍්‍රකට් හදන්න කියලා පොත් දෙකක් ලියලා තියෙනවා. එකක් ලක්ෂ 12යි. අනෙක් පොතට ලක්ෂ 26ක් වියදම් වෙලා තියෙන බවට ප්‍රකාශ කල නියෝජය ඇමතිවරයා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන එම සිද්ධීන් සම්බන්යෙන් වන සාක්ෂි රැසක්ද මාධ්‍ය වෙතට ලබා දුන්නා.

මෙහිදී නියෝජය ඇමති රංජන් රාමණායක කියා සිටියේ පුවත්පත් ආයතනයක හා ක්‍රිකට් භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයකට හිම්කම් කියන වත්මන් සභාපති තිලංග සුමතිපාල හට යලිත් වරක් ක්‍රිකට් ආයතයේ සභාපතිධුරය දැරීමට අයිතියක් නොමැති බවයි.