Saturday, April 27, 2024

General line - 0115112241

ජනපතිගේ බලය උදුරා ගැනීමේ කුමන්ත‍්‍රණයක් වාසු හෙළි කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට අදාළ තම පක්ෂයේ යෝජනාවට සෙසු පක්ෂ දක්වන ප‍්‍රතිචාර පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින්ද ජයතිස්ස අද (23) ප‍්‍රකාශ කළා. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා රටේ සියලුම දේශපාලන පක්ෂ යම් අවස්ථාවන් වලදී ජනතාවට පොරොන්දුවී තිබෙන නිසා කිසිදු පක්ෂයකට එය බැහැර කිරීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පළකළේ මෙවන් අදහසක්. මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට මුවාවෙන් ඉන්ධන මිල ඉහල දැමීමට රජය සැරසෙන බවයි. ජනාධිපතිවරයාගේ බලය නැති කිරීමට අගමැතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණ ඉත්තන් ලෙස භාවිත කරන බවට ඔහු චෝදනා කළා.

ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව සම්බන්ධයෙන් ගතයුතු පියවරද මෙහිදී පැහැදිළි කෙරුණා. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ ගෙනා යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් විරුද්ධ විය යුතු බවත් ඔහු මෙහිදී කියා සිටියා.