Friday, April 26, 2024

General line - 0115112241

ලිහිසි තෙල් මිල අඩු කිරීමට නොහැකිව තිබෙන කරුණ ගැන හිටපු ඇමති හෙළි කරයි

සමන්ත කුමාර




මැලේසියානු සමාගමක් හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව මුතුරාජවෙල ස්ථාපිත කෙරුණු ලිහිසි තෙල් කම්හලේ වැඩ ආරම්භ නොකර තරගකාරී ආයතන කිහිපයක ලාභය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පවසනවා. අදාළ කම්හලේ ඉදිකිරීම් අවසන්ව මාස ගණනාවක් ගතව තිබියදී එහි නිෂ්පාදන කටයුතු ආරම්භ නොකරන්නේ එ් හේතුව මත බවයි මන්තී‍්‍රවරය පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයා විසින් මෙම සමාගමේ වැඩකටයුතු ආරම්භ කරන්නැයි දන්වා අමාත්‍යාංශ ලේකම්වරයාට වසරේ මුල් මාසයේදීම ලිපියක් මගින් දැනුම් දී තිබුනත් ඔහු ඒ ගැන මෙතෙක් කටයුතු කර නොමැති බවයි. එම සමාගම ආරමිභ කිරීමෙන් මෙරට ලිහිසි තෙල් මිල 30% කින් පමණ අඩු කිරීමට හැකියාව ලැබෙන බවද ප්‍රකාශ කළා.

අදාළ සමාගම සමග ඇති කර ගත් ගිවිසුමේ පවතින වංචා සහගත තත්වයන් හේතුවෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග එහි මෙහෙයුම් කටයුතු නතර කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ වුණා. කැබිනට් මණ්ඩලයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මහජන උපයෝගිතා කොමිසමේ අවශ්‍ය නිත්‍යානුකුල අවසරය ලබා ගෙන් තිබෙන බවත් මාස 07 ක් පුරාවට මෙය ප්‍රමාද වීමට හේතුව කවුරුන්ද යන්න ගැන සොයා බලන්නැයි අදාල චෝදනාව ගැන ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කර සිටියා.

චන්දිම වීරක්කොඩි මීට පෙර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. ඉන්ධන සදහා හදුන්වා දීමට නියමිත මිල සූත‍්‍රය පිළිබදව මන්තී‍්‍රවරයා අදහස් පළ කළා. මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ මිල සුත්‍රය මිට පෙර ක්‍රියාත්මක කළා නම් ඉන් මහජනතාවට යහපතක් වීමට ඉඩ තිබුනු බවයි.