Saturday, April 27, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය ඉල්ලා උද්ඝෝෂණයකට සැරසෙන ඒකාබද්ධ විපක්ෂය

කසුන් කැලුම්




විසුරුවා හැර ඇති පළාත් සභා තුනේ ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා  උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය එළැඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ. 

ඒකාබද්ධ විපක්ෂය ගාල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මැයි රැළිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.