Saturday, April 27, 2024

General line - 0115112241

මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කළ වැටලීමකින් සොයා ගත් දේ (PHOTO)




පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද (25) අලූයම වැටලීමක් සිදු කළා. එහිදී නීති විරෝධි ආකාරයෙන් ඩයිනමයිට් යොදා මරන ලද මසුන් කිලෝග්‍රෑම් 3000ක් සොයාගත් බවයි ධීවර අමාත්‍යංශය පැවසුවේ.

ඊට සම්බන්ධ ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්ලීමට තහනම් කර ඇති තඹුවා නමැති මත්ස්‍ය විශේෂයට අයත් මත්ස්‍යයෙක් ද මෙහිදී සොයා ගැණුනු බවයි ධීවර අමාත්‍යංශය පැවසුවේ.

මෙම මත්ස්‍ය තොගය ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථයක් ද ධීවර අමාත්‍යංශය භාරයට ගෙන තිබෙනවා. කින්නියා, පුල්මුඩේ සහ මාතර යන ප්‍රදේශවලින් නීති විරෝධි ආකාරයෙන් මරන ලද මෙම මසුන් ගෙනවිත් ඇති බවටයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.