Friday, April 26, 2024

General line - 0115112241

එජාපය දිනූ නගර සභාවේ බලය පොහොට්ටුවේ සහයෙන් සන්ධානය අල්ලයි (UPDATE/PHOTOS)

සනත් ගමගේ - හම්බන්තොට




හම්බන්තොට මහ නගර සභාවේ අද (26) බල පෙරළියක් සිදු වුණා.

ඒ, එක්සත් ජාතික පක්ෂයට බහුතර මන්ත‍්‍රී ආසන සංඛ්‍යාවක් හිමි වුවත් එහි නගරාධිපති පුටුව එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනා ගනිමින්. 

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී  එක්සත් ජාතික පක්ෂයට හම්බන්තොට මහ නගර සභාවේ මන්ත‍්‍රී ධුර 09ක් හිමි වුණා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 07ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රී ධුර 04ක් හිමි වුණා. ජනතා විමුක්ති පෙරමුණට ද එක් මන්ත‍්‍රීවරයෙකු හිමියි. 

අද පැවති ඡන්ද විමසීමේදී නගරාධිපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු තේරීපත් වුණා. ඔහුට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 11ක්. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් ද ඔහුට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු හම්බන්තොට හිටපු නගරාධිපතිවරයා ද වනවා. ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු බලය පිහිටුවීමට නොහැකි වූ අවසන් නගර සභාව වූයේ හම්බන්තොට මහ නගර සභාවයි. ඒ අනුව මේ වනවිට සියලූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා අවසන්.