Saturday, April 27, 2024

General line - 0115112241

ඇපල් ගෙඩියක් නොකාපු නිසා උසාවියට දඩ ගෙවු කාන්තාවක්




ප්‍රංශයේ සිට අමෙරිකාව බලා පියාසර කළ ගුවන් යානයකදී ආහාරය සඳහා ලබා දුන් ඇපල් ගෙඩියක් පසුව ආහාරයට ගැනීම සඳහා සිය අත් බෑගයේ දමාගෙන රැගෙන ආ කාන්තාවකට ගුවන් තොටුපළේදී දඩ නියම කර තිබෙනවා.

අදාළ යානයෙන් අමෙරිකාව බලා පියාසර කළ ක්‍රිස්ටන් නම් කාන්තාවටයි මෙම දඩ නියම වී ඇත්තේ.  යානය උඩු ගුවනේ පියාසර කරන අවස්ථාවෙ දී එහි හදිසි අනතුරු ඇඟවීමේ සංඥාව නොකඩවා නාද වී තිබෙනවා. ඉන් භීතියට පත්වූ ගුවන් නියමුවා අදාළ යානය ආසන්නතම ගුවන් තොටුපොලක් වෙත හදිසියේම ගොඩබැස්සවීමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුව යානයේ සිටි සියළුම මගින් යානයෙන් පිටතට ගෙන්වා පරික්ෂා කිරිමේ දී මෙම කාන්තාව රැගෙන ආ අත්බෑගයේ ඇපල් ගෙඩියක් තිබී හමුවුණා. එම යානය තුලම ආහාරය ගැනීම සඳහා ලබාදුන් ඇපල් ගෙඩියක් ඇය ආහාරයට නොගෙන සිය අත්බෑගයේ දමාගෙන ඇති බවයි පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ආහාරයට ගැනීම සඳහා ලබාදුන් ඇපල් ගෙඩිය ආහාරයට නොගෙන බෑගයට දමාගැනීම ඇයට විරුද්ධව එල්ලවී ඇති චෝදනායි.

එම වරද පිළිගත් ඇයට ඇපල් ගෙඩිය මෙන් තුන්ගුණයක මිලක් දඩ ලෙස නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙල්බර්න් නුවර සිට ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් සිටි ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට පවසමින් එම යානයේ ගුවන් නියමුවාට තර්ජනය කළ බව කියන ශ්‍රී ලාංකීකයෙකු යළි අධිකරණය වෙත කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අදාළ සිද්ධියේ වීඩියේ දර්ශනය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.