Saturday, April 27, 2024

General line - 0115112241

වෙසක් සමරන ජනතාවට පරිසර අධිකාරිය හා විදුලිබල මණ්ඩලය දෙන පණිවුඩය

නිශාන් ද සිල්වා




එළඹෙන වෙසක් සමයේ පොලිතීන් සහ ලන්ච්ෂීට් භාවිත කරන දන්සැල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. හැකිතාක් පොලිතීන් සහ ලන්ච්ෂීට් අවම කරන ලෙස දන්සැල් සංවිධායකයින්ට දැනුම් දී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ කියා සිටියේ.

දන්සැල් හේතුවෙන් පරිසරයට එකතු වන පොලිතීන් සහ ලන්ච්ෂීට් අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සියේ.

මේ අතර වෙසක් සමයේ නීති විරෝධි අයුරින් විදුලිය ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවා.එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ වෙසක් සමයට අවශ්‍ය විදුලිය අඛණ්ඩව ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති බවයි.