Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය තෙක් අන්තර්වාර කමිටුවක් (UPDATE)

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පවත්වන තෙක් අන්තර්වාර කමිටුවක් පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව වර්තමාන නිලධාරී මණ්ඩලය එම කමිටුවට පත් කෙරෙනු ඇති. නාමයෝජනා ගැටළුවක් හේතුවෙන් මැයි මස 19 වනදා යෙදි තිබුණු කි‍්‍රකට් නිලවරණය දින නියමයකින් තොරව කල් දැමුණා.

----------------------------------

ක්‍රිකට් නිලවරණය දින නියමයක් නොමැතිව කල්යයි

27-04-2018 18:37

නාමයෝජනා ගැටලූවක් සහ නිලවරණ කමිටුවට එල්ල වූ විරෝධතාවක් හේතුවෙන් කි‍්‍රකට් ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එහි නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පැවැත්වීමට නියමිත වූ අතර නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3න් අවසන් වුණා.

කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බුවනක හේරත් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ නිලවරණ කමිටුව නීත්‍යානුකූල නොවන බවට එක් පාර්ශ්වයකින් කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙත විරෝධයක් එල්ල වූ බවයි. පසුව එ් පිළිබදව කී‍්‍රඩා අමාත්‍යවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමක් සිදු කළ බවද ඔහු සඳහන් කළා. එහිදී නීතිපතිවරයාද දැනුම්  දී ඇත්තේ නිලවරණ කමිටුව නීත්‍යානුකූල නොවන බවයි. එ් අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය කල්දැමීමට පියවර ගත් බව කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  බුවනක හේරත් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියා.

නියෝජිතයින් පස්දෙනෙකුගෙන් සමන්විත මෙම නිලවරණ කමිටුව පත් කෙරුණේද කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේද අනුමැතිය ඇතිවයි. මෙහි සභාපති ලෙස නීතිඥ රසික වීරතුංග කටයුතු කළ අතර නාවික කොමදෝරු සනත් උත්පල, නීතිඥ බුද්ධික ඉලංගතිලකද  නාමයෝජනා කමිටුවට ඇතුළත්ව සිටියා. විගණන දෙපාර්තමේන්තුවේ එච් ඞී ජූඞ් පෙරේරා සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ හිටපු විශ‍්‍රාමික උප ප‍්‍රධානී දේවගිරි බණ්ඩාර ද කි‍්‍රකට් නිලවරණ කමිටුවට ඇතුළත්ව සිටි සෙසු නිලධාරීන් වනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය යළිත් කල්යාමක අවදානමක් මතු වුවහොත් එහි පාලනය අතුරු පාලක මණ්ඩලයකට පැවරෙන් ඇති බවටයි වාර්තා පළ වන්නේ.