Saturday, April 27, 2024

General line - 0115112241

මෙල්බර්න් සරසවියේ පුස්තකාලය හදිසියේ වසා දැමු විෂ වායු ප්‍රහාරයේ හේතුව මෙන්න (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රාජකීය තොරතුරු තාක්ෂණ සරසවියේ පුස්තකාලය හදිස්සියේ වසා දැමීමට එරට බලධාරීන් විසින් අද (29) පියවර ගනු ලැබුවා.

බලධාරින් විසින් පවසන්නේ පුස්තකාලේ සිටියි සිසුන් 500 ක් හා ගුරුවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙසේ හදිසියේ ඉවත් කිරීමට හේතු වුයේ ඒ තුල ඇතිවූ "විෂ වායුවක්" පිලිබඳ ඇතිවු සැකයක් හේතුවෙන්.

පසුව ගිනි නිවීමේ ඒකකය, විමර්ෂණ නිලධාරින් සිදුකල පරීක්ෂණයකදී සොයා ගෙන තිබෙන්නේ කවුරුන් හෝ සරසවිය තුල තබා තිබු " දුරියන් ගෙඩියක්" බවත් ඉන් ඇතිවූ දුර්ඝනන්ධය ඔවුන් "විෂ වායුවක්" බවට මුලින්ම සැකකර ඇති බවයි.

වායු සමීකරණය හරහා දුරියන් ගෙඩියේ දුර්ඝන්ධය ගොඩනැගිල්ල පුරා පැතිරී ගොස් ඇති බව මෙල්බරන්, මෙට්ට්‍රෝපොලිටින් ගිනි නිවීමේ ඒකකය සඳහන් කරන්නේ.

පසුව පුස්තකාලය තුල පැතිරී ගොස් තිබු දුර්ඝන්ධය ඉවත් කිරීමෙන් අනතුරුව යලි පුස්තකාලය විවෘත කිරීමට සරසවි බලධාරීන් පියවර ගෙන තිබුනා.

දූරියන් යනු අග්නිදිග ආසියාවේ ජනප්‍රිය පලතුරක් වන අතර ඉන් හමන දුගඳ නිසා බොහෝ දෙනා එය රස බැලීමට පවා ප්‍රතික්‍ෂ්ප කරනවා.