Friday, April 26, 2024

General line - 0115112241

හවායි දුපත හෙල්ලෙයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




හවායි දුපතේ පිහිටි "කිලෙආයු" ගිනිකන්ද සක්‍රිය වීමත් සමග භූකම්පන කිහිපයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරනවා. ඉන් ප්‍රබලතම භූකම්පනය ලෙස රිචිටර් ඒකක 6.9 ක අගයකින් යුක්තවූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වන විටත් හවායි බිග් අයිලන්ඩ් දුපතේ පදිංචිව සිටින පුද්ගලයින් 2000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට බලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ආපදා සහන නිලධාරීන් සඳහන් කරන්නේ දුපතේ ඇතැම් ස්ථාන වල භුමිය දෙකට පැලී ඒ හරහා ලාවා පිටට ගලා එන බවයි. ඇතැම් ස්ථාන වල පිපිරීම් සමග මිටර් 30 ක් පමණ ඉහල අහසට ලාවා විදින අයුරු දුටු බවත් ඔවුන් සඳහන් කරනවා.

විද්‍යාඥයින් සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයේදී යලිත් වරක් "කිලෙආයු" ගිනිකන්ද සක්‍රිය වීමේ ඉඩකඩ පවතින බවයි. ඔවුන් එයට හේතුව ලෙසට සඳහන් කරන්නේ ඇතිවී තිබෙන භූකම්පන සක්‍රීයත්වය එයට හේතුවක් වී ඇති බවයි.