Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවෙන් දෙදෙනකු ඉවත් වෙයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ මහාචාර්ය අර්ජුන් ද සිල්වා සහ වෛද්‍ය හරි`දු විජේසිංහ යන වෛද්‍යවරුන් දෙදෙනායි. 

මෙලෙස ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් මහාචාර්ය අර්ජුන් ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු එහිදී කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත එම කමිටුවෙන් හරිඳු විජේසිංහ සහ තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. 

මෙය ක‍්‍රිකට් ආයතනය සමඟ ඇති වූ මතභේදාත්මක තත්වයක් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සිය වෛද්‍ය වෘත්තියේ කාර්ය බහුලත්වය නිසා මෙම තීරණයට එළඹි බවද මහාචාර්ය අර්ජුන් ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියා.