Saturday, April 27, 2024

General line - 0115112241

නේත්‍රාභිවන්දනා සර්වඥ ධාතූන් රැගත් රිය පෙරහැර ගමන් අරඹයි (PHOTOS) (UPDATE)




කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී සැදැහැවතුන්ගේ වන්දනා මානයට පාත‍්‍ර වූ සර්වඥ ධාතූන් වහන්සේලා කුලියාපිටිය දීපාලෝක පිරිවෙන වෙත වැඩම කරවීම අද (08) අලූයම ආරම්භ වුණා.

රිය පෙරහැර කඩවත, යක්කල, නිට්ටඹුව, වරකාපොළ, අඹේපුස්ස, අලව්ව හා පොල්ගහවෙල යන නගර පසු කිරීමටයි නියමිතව ඇත්තේ. මග දෙපසදී ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා කර දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

------------------------------------------

නේත්‍රාභිවන්දනා සර්වඥ ධාතූන් රැගත් රිය පෙරහැර හෙට ගමන් අරඹයි - මග දෙපසදී ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමටත් අවස්ථාව (PHOTOS) (UPDATE)  

(07-05-2018 12:52)

 

 

කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද (07) දෙවන දිනටත් පැවැත්වෙනවා.

මෙම ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහැර හෙට (08) අලූයම 04.00න් පසු ගැටබරු විහාරස්ථානයෙන් පිටත්වී කුලියාපිටිය දීපාලෝක පිරිවෙන වෙත ගමන් ආරම්භ කරනවා.

රිය පෙරහැර කඩවත, යක්කල, නිට්ටඹුව, වරකාපොළ, අඹේපුස්ස , අලව්ව හා පොල්ගහවෙල යන නගර පසු කිරීමටයි නියමිතව ඇත්තේ. මග දෙපසදී ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා කර දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.


 

------------------------------------

නේත්‍රාභිවන්දනා සර්වඥ ධාතූ වන්දනාවේ දෙවන දිනය අද (PHOTOS) (UPDATE)  

(07-05-2018 07:45)

 

කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ඔබට එක්විය හැකි දෙවන දිනය අදයි.

කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ඊයේ (06) දිනයේද දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් රැසක් සහභාගී වුණා.
 

---------------------------------------

නේත්‍රාභිවන්දනා සර්වඥ ධාතූ වන්දනාවට සැදැහැවතුන් විශාල පිරිසක් එකතු වෙයි (PHOTOS) (UPDATE)  

(06-05-2018 19:45)

 

කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී පැවැත්වෙන නේත‍්‍රභිවන්දනා ධාතු නමස්කාරය සඳහා මේවනවිටද සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා. 

මෙලෙස සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේ පකිස්තානයේ සහ ඉන්දියාවේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේයි.

මේ ඒ පිළිබද තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.


................................................................................................................

නේත්‍රාභිවන්දනා සර්වඥ ධාතූ වන්දනාවට සැදැහැවතුන් විශාල පිරිසක් 

කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන් රැසක් එක්ව සිටිනවා.

මෙලෙස සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේ පාකිස්ථානයේ සහ ඉන්දියාවේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේයි.

අද (06) උදෑසන අමාත්‍ය සාගල රත්නායක ද නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට එක්වුණා.

----------------------------

 

නේත්‍රාභිවන්දනා සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව අද ඇරඹෙයි (UPDATE)  

 

(06-05-2018 05:16)

 


කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද (06) ආරම්භ වනවා.

මෙහිදී සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේ පාකිස්ථානයේ සහ ඉන්දියාවේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේයි.

මෙම සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවූයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන්.

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය ලබන 08 වැනිදා දක්වා පැවැත්වෙන බවයි ගැටබරු රාජමහා විහාරයේ විහාරාධිකාරී උඩමළුව තේවාව භාර ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් කියා සිටියේ. 

 

---------------------------------

නේත්‍රාභිවන්දනා සර්වඥ ධාතූ වහන්සේ වන්දනාව හෙටින් ඇරඹෙයි  

(05-05-2018 20:53)

 

පකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට හෙට සිට කොටපොල ගැටබරු රජමහා විහාරයේ දී සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා.  සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම හෙට සිට ලබන 08 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති.

ඊට ඇති සූදානම පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.