Friday, April 26, 2024

General line - 0115112241

මතභේදාත්මක සිද්ධියෙන් පසු 'facebook සාමාජිකයින්' ගැන සමීක්ෂණයක් කරලා

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දත්ත සොරා ගැනීමේ සිද්ධියෙන් පසුව ෆේස්බුක් පරිශීලකයින් පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ලොව පුරා දැඩි මතභේදයක් ඇති කළ මෙම සිද්ධියෙන් පසුවද පරිශීලකයින් ෆේස්බුක් අතහැර නොමැති බවයි.

අමෙරිකානු වැසියන් ද ඒ අතරට අයත්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් ෆේස්බුක් සමාගම පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කර බව එම සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා. මේ වසරේ මුල් කාර්තුවේදී ෆේස්බුක් සමාගමේ කොටස් වෙළඳපොල මිල ගණන්ද සියයට 50කින් ඉහළ ගියා.