Saturday, April 27, 2024

General line - 0115112241

සදීර සමරවික‍්‍රමගෙන් ශතකයක්




අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ දැන් පැවැත්වෙන තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික‍්‍රම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 05ක් දැවී ලකුණු 347යි.  සධීර සමරවික‍්‍රම පන්දු 118ක දී ලකුණු 130ක් රැස්කළා. රමිත් රඹූක්වැල්ල ලකුණු 87ක් ලබා ගත්තා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කරන ගාල්ල කණ්ඩායම පන්දුවාර 09ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 66යි. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදීයි.