Saturday, April 27, 2024

General line - 0115112241

න්‍යෂ්ටික බලාගාරය පුපුරුවා හැරීමට උතුරු කොරියාව තීරණය කරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා යොදා ගනු ලැබූ පර්යේෂණ මධ්‍යස්ථානය සහ උමං මාර්ගය පුපුරුවා හැරීමට උතුරු කොරියාව තීරණය කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අමෙරිකාව, බ්‍රිතාන්‍ය රටවලට සහ පවතින ඉඩකඩ සිමා සහිත වීම නිසා අමෙරිකා, බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය සහා දකුණු කොරියානු රටවල මාධ්‍යවේදීන් සඳහා පමණක් අවසර ලබා දීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු ගුවන් කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීමට ඇති බාධාවන් සම්බන්ධයෙන් පසුගියදා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා අධිකාරිය විසින් කල දැනුම් දීමකට අනුව උතුරු කොරියානු රජය නිවේදනය කලේ තම රට මින් ඉදිරියට කිසිදු අවස්තාවක මිසයිල අත්හදා බැලීම් සිදු නොකරන බවයි. ඊට පසුදින සිය න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය විනාශ කිරීමේ නිවේදනය උතුරු කොරියාව නිවේදනය කළා.

උතුරු කොරියානු අමෙරිකා සමුළුවට පෙර උතුරු කොරියාව විසින් ගනු ලැබූ මෙම තීරණය තමන් අගය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටියා.

මැයි මස 23 වෙනිදා න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය ආරක්ෂාකාරී ලෙස පුපුරුවා හැරීමට උතුරු කොරියාව තීරණය කර ඇති අතර මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමේදී කාලගුණ තත්ත්වය ගැන මුලිකව අවධානය යොමු කරන බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.