Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු කොරියාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරමින් උතුරු කොරියාව ඉවත් වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇමෙරිකාව සමග යුධ අභ්‍යාසයක් පැවැත්වීම පිළිබඳව උරණ වූ උතුරු කොරියාව, දකුණු කොරියාව සමග පවත්වනු ලබන සියලුම සාකච්ජා වලින් ඉවත් වීමට අද (16) තීරණය කර තිබෙනවා. 

මිට සති 03 කට ඉහතදී උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු නායකයින් අතර හමුවක් පැවති අතර දෙරට අතර සාමය දෑත් දිගු කරමින් ඇතිවූ සුභවාදී ආකල්පයන් මේ වන විට අර්බුධකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඇතිවූ හදිසි තත්ත්වයත් සමග ජුනි 12 වැනිදා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර සිංගප්පුරුවේදී පැවැත්වීමට යෝජිත සාම සාකච්ජාව පවා අවලංගු වීමේ ඉඩකඩ ඇති බවයි වාර්තා වන්නේ. එයට හේතුව අමෙරිකාව සහ උතුරු කොරියාව අතර පහසුකම් සපයන්නාගේ භූමිකාවට පනපොවන්නේ දකුණු කොරියාව වීමයි.

1953 වර්ෂයේ සිට දකුණු කොරියාව සමග අමෙරිකාව විසින් අත්සන් තබා ඇති ගිවිසුමකට අනුව ද්ව්පාර්ශවික යුධ අභ්‍යාසයක් සෑම වර්ෂයකම පැවැත්වීම සාමාන්‍ය සිදුවීමක් වුවත් මේ වන විට කොරියානු අර්ධද්වීපයේ ඇතිවෙමින් පවතින වෙනස් වීමත් සමග උතුරු කොරියානු නායක කිම් ජෝන් අතිශයෙන් කෝපයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

"මැක්ස් තන්ඩර්" නමින් හැදින්වූ මෙම යුධ අභ්‍යාසය සඳහා අමෙරිකාවේ ගුවන් යානා 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙන අතර ඒ සඳහා B-52 බෝම්බ හෙලන ගුවන් යානා සහ F-15K ප්‍රහාරක ජෙට් යානා රැසක් සහ සෙබළුන් 1200 කට අධික පිරිසක් සහභාගි වනවා..