Friday, April 26, 2024

General line - 0115112241

ජන සංහාර සතිය සැමරුම ත්‍රිකුණාමලයෙන් ඇරඹෙයි

අමදෝරු අමරජීව -ත්‍රිකුණාමලය




මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් අවසන් සටනේදි මියගිය සාමාන්‍ය ජනතාව සිහි කිරිමේ ජන සංහාර සතිය අද (16) පස්වරුවේ ත්‍රිකුණාමලයෙන් ආරම්භ කරමින් දෙමල ජාතින සන්ධාන මන්ත්‍රිවරු පහන් දැල්විමක් සිදුකළා.

ත්‍රිකුණාමලය, කොටුව මුහුදු වෙරල අභියස පිහිටි වැලිකඩ පරිත්‍යාගශිලින්ගේ අනුස්මරණ වේදිකාව ඉදිරිපිට මෙම පහන් දැල්විම දෙමල ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුනා.

මෙහිදි ජන සංහාර සතිය වෙනුවෙන් අදහස් දැක්වු පලාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් මහතා වෙල්ල මුල්ලි වයිකාල්වලදි මියගිය අය සැමරිම අමාත්‍ය රාජිත සේනාරත්න ද අනුමත කරලා තියනවා.මේ අනුව රජය අනුමතකල මෙම සැමරිම රජයේ නිලධාරින් මෙතනට පැමිණ බාධා කරන එකම රට මෙයයි. අපි සමරන්නේ සාමාන්‍ය ජනතාවයි.මියගිය එල්.ටි.ටි.ඊ අය සමරන්න ඒ අයට මහාවිරු දිනය තියනවා යැයි පැවසිය.