Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

ඩිල්ෂාන් මඩවල /සජිත් තිලකරත්න




ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස් ලබා දීම සඳහා නීති ගැටලූ ඇති තැනැත්තන් ලියාපදිංචි කිරීම තවදුරටත් සිදු කෙරෙනවා. මේ, ඒ පිිළිබඳ කරුණු දක්වන ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

ජාතික නීති සතියේදි නොමිලේ නීති උපදෙස් ලබා ගැනීම සඳහා ලියාපදිංචි විමට ඔබ කථා කළ යුතු දුරකථන අංකය වන්නේ 0777 23 53 63.

මීට අමතරව නීති ගැටලූ ලිඛිතව දැනුම් දීමෙන්ද ජාතික නීති සතියේදි නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකි බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා කියා සිටියේ අද හෝ හෙට දිනයන් හිදී ලිඛිතව තමන්ගේ නිති ගැටළු පිළිබඳව සභාපති, නීති සතිය, ශී‍්‍ර ලංකා නීතීඥ සංගමය, කොළඹ 12  යන ලිපිනයට යොමු කරන ලෙසයි. 

ජාතික නීති සතිය ලබන 21වනදා සිට 27 වනදා දක්වා යෙදී තිබෙනවා. නොමිලේ නීති උපදෙස් ලබා දෙන නීති සායන 26 සහ 27 යන දින දෙකේදී පැවැත්වීමට නියමිතයි. නෙත් එෆ් එම් රේඩියෝව මේ සඳහා මාධ්‍ය ශක්තිය ලබා දෙනවා.