Friday, April 26, 2024

General line - 0115112241

කටුනායකින් සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

ඉෂාර සුපෙම් මානගේ




ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක් සිදු කරනවා.

පිටත්වීමට ඇති වේලාවට වඩා පැය තුනකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙසයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම දැනුම්දීම සිදු කරමින් ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
 
ආගමන විගමන නිලධාරීන් අද (17) සිට ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සමාගම මෙම දැනුම් දීම කර සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරනවා.