Friday, April 26, 2024

General line - 0115112241

ඇමති රාජිතගේ "කොටි මහත්වරුන්" ගැන හිටපු හමුදා ප්‍රධානියෙක් පැහැදිලි කරයි

දිනුක් හේවාවිතාරණ




කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකල ප්‍රකාශය තමන් ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පසුගිය මානුෂිය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අණදුන් හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නෙත් නිව්ස් වෙත කියා සිටියා.

විජේවීර මහත්තයාගේ සහ ප්‍රභාකරන් මහත්තයාගේ වෙනස ගැන ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේ. ශිෂ්ඨ සමාජයේ මහත්මයා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ සමාජයට වැඩදායි පුද්ගලයෙක්ට වුවත් මෙවැනි දරුණු ඝණයේ ත්‍රස්තවාදියෙක්ට "මහත්මයා" කියා ආමන්ත්‍රණය කරනවා නම් රටේ සිටිය මිනීමැරීම් 2-3 ක් කල අග්ගොන චන්දරේ, මරුසිරා, කලු ඇල්බට් වැනි අපරාධකරුවන්ටද "මහත්මයා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම උතුරේ සංහාර සතියක් විදිහට නම් කිරීම ගැන මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ " රණවිරුවන්ගේ අතින් මියගියේ මේ රටෙම දරුවන් කියලයි". මම මතක් කරන්න කැමති ඒ දරුවන්ද අනුරාධපුරය ජයශ්‍රී බෝධිය අසලදී අහිංසක උපාසක අම්මලා තාත්තලා ඝාතනය කලේ කියලා. ඒ වගේම කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් 180 දෙනෙක් ගේ ජිවිත විනාශ කලේ, රටේ අහිංසක වැසියන් දහස් ගණනකගේ ජිවිත විනාශ කල මෙම ත්‍රස්තවාදීන්ගේ දෙමවුපියන් පවා ඔවුන්ට තම දරුවන් කියලා කියන්න ලජ්ජා වෙන කොට රාජිත ඇමතිවරයාට ඔවුන් "රටේ දරුවන්" යැයි කීම අදහාගත නොහැකි කරුණක් බවයි.

එමෙන්ම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහේදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද අපහසුතාවයට පත්වූ බව ඔහු කියා සිටියා.
 

හිටපු හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග කල සාකච්ජාව මෙතනින්