Friday, April 26, 2024

General line - 0115112241

යුද අපරාධ පරීක්‍ෂණයක් සඳහා විමර්ශකයින් යැවීමට එක්සත් ජාතීන් තීරණය කරයි

ඩිල්ෂාන් මඩවල




යුද අපරාධ පරීක්‍ෂණයක් සදහා විමර්ශකයන් කණ්ඩායමක් ගාසා තීරයට යැවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊශ‍්‍රායල හමුදාවන්ගේ ප‍්‍රහාරයකින් පලස්තීනුවන් හැට දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඔවුන් සොයාබලනු ඇති.

අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට පක්‍ෂව ඡන්ද 29 ක් ප‍්‍රකාශ වුණා. රටවල් 14 ක් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර විරුද්ධව ඡන්දය ලබාදුන්නේ අමෙරිකාව සහ  ඕස්ටේ‍්‍රලියාව පමණයි.