Saturday, April 27, 2024

General line - 0115112241

විරාත් කෝලිගේ බොඳවූ සිහිනය

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




විරාත් කෝලි ප‍්‍රමුඛ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය පිළිබඳ තැබූ බලාපොරොත්තු ඊයේ (19) බිඳ වැටුනා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 30කින් පරාජය වීමත් සමගයි. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිතච පන්දුවාර විස්සේදී කඩුළු 05ක් දැවී ලකුණු 164ක් රැස්කළා. එම ඉලක්කය හඹා ගිය රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134ක් පමණයි. 

විරාත් කෝලි නායකත්වය දැරූ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ තරග 14කට සහභාගී වෙමින් ජය ගත්තේ තරග 06ක් පමණයි.