Friday, April 26, 2024

General line - 0115112241

අද රාති‍්‍රයෙන් පසු බස් ගාස්තු වැඩිවීම වසර දෙකකට නවති (UPDATE)

දිල්ශාන් තුෂාර




බස් ගාස්තු සියයට 12.5% කින් අද (22) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ යනවා. ඒ සදහා අද උදැසන රැස් වූ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වුණා. මෙහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉදිරි වසර 02 ක කාලයක් සදහා යලි බස් ගාස්තු සංශෝධනයක් කිරීමට අවසර ලබා නොදීමේ පදනම මත බස් ගාස්තු සංශෝධනය සදහා අවසර ලබා දීමට බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සදහන් කළා.

අධිවේගී මාර්ගවල බස් ගාස්තුද අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ යනු ඇති. ඒ අනුව මහරගම සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් 560 ක්. මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 450 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. කඩවත සිට ගාල්ලට නව බස් ගාස්තුව රුපියල් 490 ක්. කඩවත සිට මාතරට වන නව ගාස්තුව රුපියල් 600 ක් වනු ඇති. කඩුවෙල - මාතර නව බස් ගාස්තුව රුපියල් 580 ක්.

....................................................................................................................................................................

නව බස් ගාස්තුව කැබිනට් මණ්ඩලය අනුමත කරයි 

(22-05-2018 12:16)

අවම බස් ගාස්තුව රුපියල් 12ක් සහ සියයට 12.5ක ගාස්තු වැඩි වීමටක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පෞද්ගලික බස් හිමියන්ට ඉකුත්දා පොරොන්දු වූ ගාස්තු වැඩිකිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අනුමැතිය හිමිව තිබෙනවා.

 

----------------------------------

බස් ගාස්තුවේ තීන්දුව අද 

(22-05-2018 07:29)

(ඩිල්ෂාන් මඩවල/දිල්ෂාන් තුෂාර)

 

පෞද්ගලික බස් හිමියන්ට ඉකුත්දා පොරොන්දු වූ ගාස්තු වැඩිකිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද (22) ඉදිරිපත් කරන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

කැබිනට් මණ්ඩලයේ තීන්දුව අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගෙන්ද විමසීමක් කළා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් පෙන්වා දුන්නේ "අනිවාර්යයෙන්ම සියයට 12.5ක බස්ගාස්තු සංශෝධනයක් සහ අවම ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කරන්න රජය අපිට මීට දින කිහිපයකට පෙද පොරොන්දු වුණා. ඒ අනුව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නොවුනොත් බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අපි බස් ධාවනයෙන් ඉවත් වෙනවා. රජය අපිව රවට්ටන්න එපා.." යනුවෙනි.

කෙසේ වෙතත් අවම ගාස්තුව රුපියල් 12 දක්වා සහ සෙසු බස් ගාස්තු සියයට 12.5කින් වැඩි කළ හොත් එය බස් ගාස්තු පිළිබද ජාතික ප‍්‍රතිපත්තියට පටහැනි බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට අනුව මෙම අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවිය යුත්තේ සියයට 10කින් බවද අවම බස් ගාස්තුව වැඩි නොවිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.