Saturday, April 27, 2024

General line - 0115112241

අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුට වැඩ වරදියි

සමන්ත කුමාර




රුපියල් 15,000ක අල්ලසක් ලබා ගත් මාවතගම පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයට අනියුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවතගම, ගෝනමඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට සහ ඊට අවශ්‍ය සහය ලබා දීම සඳහා සැකකරු මෙම අල්ලස ලබා ගෙන තිබෙනවා.

මාවතගම බස් නැවතුම්පළ ඉදිරිපිට පිහිටි හෝටලයකදී එම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශ කලේ.