Friday, April 26, 2024

General line - 0115112241

ආපදා සහන ලබාදීම ගැන ඇමති දුමින්දගෙන් විශේෂ උපදෙසක්

සමන්ත කුමාර




ආපදාවලින් පීඩාවට පත්ව සිටින සියළුම පුද්ගලයන්ට අවශ්‍ය සහන සලසන ලෙස ආපදා කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව දැනට කදවුරුගතව සිටින පුද්ගලයන්ට අමතරව ගංවතුර හේතුවෙන් නිවාසවල කොටුවී සිටින පුද්ගලයන්ට අවශ්‍ය සහන සලසන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. 

ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් චන්දන රණවිආරච්චි කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.