Friday, April 26, 2024

General line - 0115112241

ඥානසාර හිමි වරදකරු වෙයි : දඩුවම් නියම කිරීම ජුනි 14

දිනුක් හේවාවිතාරණ




අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද (24) තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ජුනි 14 වෙනිදා ඥානසාර හිමියන්ට දඬුවම් නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැනවැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වුවා.