Saturday, April 27, 2024

General line - 0115112241

මගේ සැමියා කිසි දිනක ගම්මන්පිලට ඇටෝනි බලපත්‍රයකින් බලය දුන්නේ නැහැ - ඕස්ට්‍රේලියානුවාගේ බිරිය අධිකරණයේදී තොරතුරු රැසක් හෙළි කරයි




තම සැමියාට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් විකිණීමට කිසි දිනක උදය ගම්මන්පිලට ඇටෝනි බලපත්‍රයක් මගින් බලය පැවරීමක් නොකළ බව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ බිරිඳ  අද කොළඹ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් ධම්මික පෙරේරා නැමැති වයාපාරිකයෙකුට  විකිණීමෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තවත් පුද්ගලයකු රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළව නඩුව වැඩිදුර විභාගය සදහා කොළඹ මහාධිකරණයේදී කැදවන ලද අවස්ථාවේදීය. 

අධිකරනයට ඉදිරිපත් කර ඇති ඇටෝනි බලපත්‍රයේ අසත්‍ය කරුණු කිහිපයක් ඇති බවත් එවැනි  ලේඛනයක් කිසි විටක ගම්මන්පිල ට ලබා නොදුන් බව සාක්ෂිකාරිය වන ජැනට් එලිසබත්  පැවසුවා . තවද එම ලේඛනයේ ඇති අත්සන තමාගේ අත්සන ලෙසට වෙනත් අයෙකු යොදා ඇති බවත් ඇය මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයේ ඇති කොටසක තිබුණු අත් අකුරු උදය ගම්මන්පිලගේ බවට පවසා සිටියා.

උදය ගම්මන්පිල තම සමාගමේ සහායකයකු ලෙසට කටයුතු කළ බවත් එහිදී තමා බුද්ධ ධර්මය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අවශ්‍ය වූ විට ඒ ගැන කරුණු විමසීමට සිඩ්නි ජයසිංහ නැමැත්තා තමා උදය ගම්මන්පිල වෙත යොමු කළ බව සාක්ෂිකාරිය පැවසුවා . එහිදී බුදු හාමුදුරුවන්ගේ බිරිඳ සම්බන්ධයෙන් කරුණු විමසූ බව සාක්ෂිකාරිය පැවසුවා. එහිදී ගම්මන්පිල ඔහුගේ අත් අකුරින්  තමාට පිටු කිහිපයකින් යුත් ෆැක්ස් පණිවුඩයක් තමාට එවූ බවත් එම අකුරු කැපිටල් අකුරුවලින් ලියා තිබූ නිසා ඇටෝනි බලපත්‍රයේ ඇති අකුරු ගම්මන්පිලගේ බවට හදුනා ගත හැකි බව සාක්ෂිකාරිය පැවසුවා .

වැඩිදුර සාක්ෂි විමසීම හෙටට කල් තබන ලදී .

ඩිජිටල් නොමිනී පුද්ගලික සමාගම හා සම්බන්ධ මෙම ගනුදෙනුව 1997-2000 වර්ෂය අතර කාලය තුල සිදු වී ඇති බවට නීතිපතිවරයා  චොදනා කරමින් උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරනයේ නඩු පවරන ලදී .