Saturday, April 27, 2024

General line - 0115112241

යුද හමුදාවෙන් කඩුවෙලට තාවකාලික පාලමක් (PHOTOS)

සජිත් තිලකරත්න




කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම බිඳියාමේ අවධානමක් ඇති බව දැනගැනීමෙන් අනතුරුව ඊයේ (24) දහවල් යුධ හමුදාවේ14 වන සේනාංකයේ හමුදා භට පිරිස් විසින් තාවකාලික පාලමක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කරන ලදියි.

කඩුවෙල පාලම දෙපස ඉවුර ඛාදනයවී පස්බැම්ම කැඩියාමේ අවධානමක් පවතින නිසා 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව මෙම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව, යුද්ධ හමුදා භට පිරිස් විශාල ලෝහ ව්‍යුහයන් භාවිතා කරමින් තාවකාලික පාලමක් ඉදිකරමින් පවතින් අතර හදිසි ආපදාවක් ඇති වූවහොත් ඕනෑම වාහනයක් මෙම පාලම මතින් ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.