Saturday, April 27, 2024

General line - 0115112241

SF ලොක්කා හිරගෙදර සිට ජංගම දුරකතනයෙන් දවසට ලක්ෂ ගණනක් උපයන ජාවාරමක - පොලිසියට මාට්ටු වූ ගෝලයා වමාරයි

පර්සි කුරුනේරු




රුපියල් පනස් ලක්ෂයක් පමණ වටිනා“ බ්‍රවුන් ෂුගර් ”  වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් සමග ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ඊයේ (24) සවස අනුරාධපුර පොලිසිය විසින් අනුරාධපුර පණ්ඩුලගම දී අත්අඩංගුවට ගනු ලැබූවා. අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාමගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර පණ්ඩුලගම අක්කර එකසිය එකොළහ ප්‍රදේශයේ සැකකරුගේ නිවස පරික්ෂා කළ අවස්ථාවේ එහි තිබී එම මත්කුඩු තොගය සොයා ගෙන ඇත.

ග්‍රෑම් 01 බැගින් අඩංගු මනාව අසුරන ලද පැකට් පනහක එම මත්කුඩු තොගය අසුරා තිබී ඇති අතර,එම එක් මත්කුඩු පැකට්ටුවක් ජංගම දුරකතනය මාර්ගයෙන් මුදල් ලබා ගැනීමේ ක්‍රමයට රුපියල් ලක්ෂයක මුදලකට අළෙවි කරන බව පොලිසිය සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත. මෑත ඉතිහාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගැනුණු වැඩිම මත්කුඩු තොගය මෙය වන බව පොලිසිය පවසනවා.

අනුරාධපුර කඩ පනහහි පිහිටි කැරෝකේ රාත්‍රී සමාජ ශාලාවෙ හිමිකරුව සිටි කරාතේ ශුර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාරව සිටින ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්.ලොක්කාගේ මෙහෙයවීමෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන බව මේ සම්බන්ධයෙන් සිදු කළ මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත. එස්.එෆ්.ලොක්කා විසින් බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන ඔස්සේ තම ගෝලයින්ට ලබා දෙන උපදෙස් මත මෙම මත්කුඩු ජාවාරම සිදුවන බව පරික්ෂණවලදී හෙළිවී ඇත.

මේ අනුව ඊයේ (24) දිනයේදී පමණක් එස්.එෆ්.ලොක්කාගේ බැංකු ගිණුම් දෙකකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් තැන්පත් වී තිබෙන බවත් අනාවරණය වී ඇති බව පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙකු පැසුවා. අත්අඩංගුවට ගත් සැකකරු එස්.එෆ්.ලොක්කාගේ පාසල් අවධියේ මිතුරෙකු බවත් සැකකරු විසින් හෙළි කර තිබෙන තොරතුරු මත සහ ඔහුගේ ජංගම දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තා මගින් මෙම ජාවාරම සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බව පොලිසිය පවසයි. සැකකරු සහ මත්කුඩු තොගයඅද ( 25) අනුරාධපුර මහේස්ත්රාවත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.