Tuesday, March 19, 2024

General line - 0115112241

ජා ඇල මා ඔය සහ කඩුපිටි ඔය පිටාර ගලයි - හලාවත කොළඹ මාර්ගයේ වාහන ධාවනයට බාධා - අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

ජූඩ් සමන්ත




ජා ඇල ඇල මාර්ගය පිටාර යාම හේතුවෙන් ඇල දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පසුවන්නැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

දැදුරුඔය පිටාර ගැලීමට පටන් ගැනීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක් පමණද පීඩාවට පත්වී ඇත. දැදුරුඔයේ වම් ඉව්ර මේ වන විට පිටාර ගලමින් පවතී.මෙම තත්ත්වය නිසා ජයබිම, දැදුරුඔය යන ගම්මාන වල පදිංචිකරුවන් මෙසේ පීඩාවට පත්ව සිටී.

මේ අතර,මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයද ජලයෙන් යටවී ඇත. එ් හේතුවෙන් පවුල් 40 ක් පමණ පීඩාවට පත්ව සිටී.

කඩුපිටිඔය සහ තිණිපිටි වැව පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇත. එම මාර්ගයේ බර වහන පමණක් ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි. නමුත් ඇතැම් සැහැල්ලු වාහන පොලිස් උපදෙස් නොතකා ජලය හරහා ගමන් කිරීම නිසා විවිධ පීඩාවන්ට පත්වන බවක්ද දකින්නට ඇත.

තිණිපිටිය වැවේ වාන් ජලය ගලා යන පාලමේ එක් කොටසක් ජලයට දියවීමට පටන් ගෙන ඇති බවක්ද දක්නට ඇත.