Saturday, April 27, 2024

General line - 0115112241

හෙට සිට වර්ෂාවේ අඩුවීමක් - ආපදා වලින් එක් ලක්ෂ හැට හය දහසක් තවමත් පීඩාවේ




පවතින ආපදා තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් ආපදා හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 166000 අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ. මේ වන විට ආපදා හේතුවෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 23 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයාම් රතු නිවේදනය තවදුරටත් වලංගු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ නිරිත දිග කොටසේ තදවැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට තාවකාලිකව අඩුවීමක් බලාපොරොත්තු වන බවයි.