Wednesday, May 8, 2024

General line - 0115112241

කරන්දෙණියේ උප සභාපති ඝාතනයට සැක අයෙක් අල්ලයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ/ ලලිත් චාමින්ද




කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් සැකකරු සොයා පොලිස් මෙහෙයුම් කියාත්මකයි.

----------------------------------

කරන්දෙණියේ උප සභාපති මැරූ දෙදෙනා අනතුරකට ලක්වෙයි! යතුරු පැදිය ජංගම දුරකතයක් පොලිස් භාරයට

09-06-2018 09:33

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වි ඇති බැව් ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඝාතනය සඳහා පැමිණි පුද්ලයින් දෙදෙනා හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසනවා.

උප සභාපතිවරයා ඝාතනය කළ ස්ථානයේ තිබි මැගසින් එකක්, ජංගම දුරකථනයක් හා ඝාතකයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය පොලිසිය මගින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. ඝාතකයින් මෙකි ඝාතනයෙන් පසු අනතුරකට ලක්ව ඇති අතර මොවුන් ඇල්පිටිය හා ඌරගහ යන රෝහල්වලට පැමිණ පසුව රෝහල්ගත නොවි පිටවගොස් ඇති බවද පොලිසිය පැවසුවා. එම අවස්ථාවන් සි.සි.ටි වි කැමරාවල සටහන්ව ඇති බවද පොලිසිය කියයි.

උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ද ඝාතකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකොට ඇත. කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා මංගල උත්සවයකට සහභාගවි ආපසු නිවස බලා එමින් සිටියදි ඌරගහ කොරටියන හන්දිය අසලදි මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

---------------------------

වෙඩි ප්‍රහාරයකින් කරන්දෙණිය උප සභාපති මරුට 

08-06-2018 23:35

දිනුක් හේවා විතාරණ

ඌරගස්මංහන්දිය, හොරකීන ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අද (08) රාත්‍රී 10:15 ට පමන වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වන ඩොනල්ඩ් සම්පත් හා තවත් පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහරය එල්ල කර ඇති බවයි මුලික පොලිස් විමර්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

එම ප්‍රහාරයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මිය ගිය බවත් අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.