Saturday, April 27, 2024

General line - 0115112241

ආසියානු කුසලාන කාන්තා ශුරතාවය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියානු ක‍්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අද (10) සමත් වුණා. ඒ, පන්දුවාර 20 විස්ස ආසියානු කාන්තා ක‍්‍රිකට් ශූරතාව පළමු වරට දිනා ගනිමින්. 

06 වරක් ආසියානු ශූරතාව දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඔවුන් මෙලෙස ඉතිහාසගත වුණා. 

පන්දුවාර 20යි 20 ආසියානු කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ අද පැවති අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20දී කඩුලූ 09කට රැස් කළේ ලකුණු 112ක් පමණයි. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශය නියමිත පන්දුවාර 20දී කඩුලූ 07ක් පමණක් දැවී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා.