Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්තයට ක්‍රිකට් මතක් කර දුන් ස්කොට්ලන්යේ සුපිරි ප්‍රහාරය (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සිය ක්‍රීඩා ඉතිහාසයේ වර්නවත්ම සහ වටිනාම දිනය සනිටුහන් කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම  ඊයේ (10) සමත් වුනා. ඒ අයිසිසි එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම සිටින එංගලන්ත කණ්ඩායම ලකුණු 06 කින් පරාජයට පත් කිරීමට ක්‍රිකට් ලොවේ කෝඩුකාර කණ්ඩායමක් වන ස්කොට්ලන්තයට හැකි වීමත් සමගයි. 

ස්කොට්ලන්තයේ එඩින්බරෝ හිදී පැවති මෙම තරගයේදී මුලිනම පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කදුළු 05 ක් දැවි ලකුණු 371ක් ලබා ගනු ලැබුවා.

මෙහිදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් කැලම් මැක්ලියෝඩ් පන්දු 94 ක් තුලදී ලකුණු 140 ක් රස්කලා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත ක්‍රීඩකයින් ස්කොට්ලන්ත කණ්ඩායම ලබාදුන් ජයග්‍රාහි ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි අතර පන්දු ඕවර 48.5 කදී සියලු දෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවුයේ ලකුණු 365 ක් පමණයි. එංගලන්ත කණ්ඩායමේ ජොනි බ්‍රෙස්ට්රෝ පන්දු 59ක් තුලදී වේගවත් ලකුණු 105ක් රැස්කර ගනු ලැබුවා.

එංගලන්ත කණ්ඩායම් වෙනුවෙ මොයින් අලී (46) සහ ලියාම් ප්ලන්කට් (නොදැවී 47) දැඩි උත්සාහයක යෙදුනත් ස්කොට්ලන්ත පන්දු රකින්නන් සහ පන්දු යවන්නන් සිය ග්‍රහණය දැඩි කරමින් පීඩනයක් යටතේ වුවද ඉතා තරගාකාරි ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් එංගලන්ත පිලේ බලාපොරොත්තු සුන්කර දැමීමට සමත් වුනා.

එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් වමත් මද වේග පන්දු යවන්නෙක් වන මාර්ක් වොට් සිය පන්දු ඕවර 10 තුලදී ලකුණු 55 කට කඩුලු 03 ක් දවා ගැනීමට සමත් වුනා.

නවතම අයිසිසි එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ස්කොට්ලන්තය පසුවන්නේ 13 වන ස්ථානයේ යී.