Saturday, April 27, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාගේ "සෙල්ෆි" උන්මාදය (PHOTOS / VIDEOS)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අද (12) දින පැවැත්වීමට නියමිත සමුළුවට පෙර දින රාත්‍රියේ උතුරු කොරියානු නායක කිම් ජොංග්‍ උන් සිංගප්පුරුවේ අසිරිය විඳ ගැනීම සඳහා තමන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණ සංචාරයක නියැළුනා.

මෙහිදී උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ගාර්ඩ්න්ස් බේ උද්‍යානයට පැමිණි අතර එහිදී තමන් සමග පැමිණ සිටි සිංගප්පුරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් සමඟ "සෙල්ෆි" ජායාරුපයක් ගැනීමටද අමතක කලේ නැහැ.

ඉන් පසුව සිංගප්පුරුවේ සුපිරි තරු පන්තියේ හෝටලයක් වන මැරිනා බේ සැන්ඩ්ස් හෝටලයේ මුදුන් මහලේ සිට සිංගප්පුරුවේ අපුර්වත්වය දැක බලා ගැනීමෙන් අනතුරුව හෝටලය තුල පිහිටි කැසිනෝ සමාජ ශාලාව ද නිරීක්ෂණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

උතුරු කොරියානු නායකයා මැරිනා සැන්ඩ්ස් බේ හෝටලයට පැමිණි අවස්ථාවේ එහි සිටි පිරිසගෙන් ඔහුට උණුසුම් ප්‍රතිචාරයක් හිමිවූ බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවේ අසිරිය විඳ ගනිමින් ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කරන විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩලය සහ උපදේශකයින් සමග අද දින පැවැත්වෙන සමුළුව සඳහා සුදානමි වෙමින් සිටින බවටයි වාර්තා වන්නේ.