Saturday, April 27, 2024

General line - 0115112241

විරෝධයට ආ පාර්ලිමේන්තු මන්ත්‍රීට විරෝධතාකරුවන්ගෙන් විරෝධය (PHOTOS)

රෝමේෂ් ධනුෂ්ක - වන්නි




දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු  මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඊයේ (11) යාපනයේ පැවති විරෝධතාවකට සහබාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතා කරුවන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය.

යාපනය මරදන්කේනිහි සිටින සංචාරක ධීවරයින් ඉවත් කරන ලෙසට ඊයේ දින යාපනයේ ධීවරයින් විසින් පැවැත්වූ ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් සහභාගී වූ අවස්ථාවේදී මෙම විරෝධය ඇති වුණා. එහිදී විරෝධතා කරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ, ‘තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකිතාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලබා දුන්නද විසඳුමක් ලබා දීමට පියවර නොගත්ත බවත්, දෙමළ ජාතික සන්ධානය රජය සමගව සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබා දීමට ඉතා පහසු කාර්යක්ව තිබියදී එය කර නොදුන් බවත්ය. ධීවරයින් ආරම්භ කරන ලද විරෝධයට විසඳුමක් සොයාගැනීම ධීවරයින් විසින්ම සිදු කරගන්නා බවයි ඔවුන් පැවසුවේ.  එහෙයින් දේශපාලනය මැදිහත් වීමට අවශ්‍ය නැතැයි ඔවුන් පැවසුවා.