Friday, April 26, 2024

General line - 0115112241

බන්ධනාගාර රැදවියන් පොත් කියවීමට හුරු කිරීම වැදගත් - අධ්‍යාපන ඇමති




මෙරට සිරගෙවල් තුළ සිටින පිරිස ද පොත් කියවීමට හුරු කරමින් නීතිගරුක පුරවැසියන් කළ යුතුයි -  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මෑතකාලීන ව දිවයිනට බල පෑ ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ලීබඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී අද (13) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා වටිනා බවයි.

ඔවුන් පොත් කියවා ඒ සම්බන්ධ විචාරයන් ද ඉදිරිපත් කිරීම සඳහා පොළඹවාලීමට  කටයුතු කර ඉන් ඉහළ ප්‍රගතියක් පෙන්වන පුද්ගලයන් සඳහා නීතිමය වශයෙන් හානියක් සිදු නොවන ආකාරයට යම් සහනයක් ලබාදීමට ද අවස්ථාව ලැබුණ හොත් ඉතා වැදගත් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

යළිත් වරදක් නොකරන පුද්ගලයන් බවට එම පුද්ගලයන් පත් කිරීම සඳහා පොත් කියවීම යොදා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.​