Saturday, April 27, 2024

General line - 0115112241

කිරි වෙහෙර නාහිමියන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු පතුරම් කඩු කිනිසි ගෙදර දමා නිවසින් පැන ගිහින්

සජිත් තිලකරත්න




කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු හදුනාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වන අසේල බණ්ඩාර බවයි. සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලීසිය සදහන් කළා.

අද පස්වරුවේ ඔහුගේ නිවස පරීක්‍ෂා කළ බවත් එහි තිබී පතුරම් 10 ක්, කිනිසි 02 ක් සහ කඩුවක්ද සොයාගෙන තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු රාත්‍රී 10 නෙත් නිවුස් මීළග ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.