Friday, April 26, 2024

General line - 0115112241

'ට්‍රම්ප් - කිම්' හමුවෙන් දිනකට පසු අමෙරිකාවෙන් ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




2020 අවසන් වීමට පෙර උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි හරණය සම්පූර්ණ කළ යුතු බව අමෙරිකාව අවධාරණය කරනවා.

එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ බව ප‍්‍රකාශ කළේ දෙරටේ නායකයින් අතර පැවති ඓතිහාසික හමුවෙන් දිනකට පසුවයි.

ඔවුන්ගේ ප‍්‍රධාන අවි හරණය පිළිබඳ අමෙරිකාව බලාපොරොත්තුවෙන් බලා සිටින බවද රාජ්‍ය ලේකම්වරයා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. 

සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමට උතුරු කොරියාව දැනටමත් එකගතාව පළ කර අවසන්.