Friday, April 26, 2024

General line - 0115112241

එන්නත් සිලින්ජරයකින් මුහුණ ඉලක්ක කර ඇසිඩ් ප්‍රහාරයක්




විවෘත කර තිබූ ජනේලයකින් එන්නත් ලබා දීම සඳහා භාවිතා කරන සිලින්ජරයක් යොදාගෙන පුද්ගලයෙකුගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (13) කෑගල්ල පොලිස් වසමේ නාගොල්ල පාර, කෑගල්ල ලිපිනයේ පිහිටි දිස්ත්‍රික් සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයාට මෙලෙස නාඳුනන පුද්ගලයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් මුහුණ ප්‍රදේශය තුවාල ලැබූ සහකාර කොමසාරිස්වරයා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.