Saturday, April 27, 2024

General line - 0115112241

මාලිගාවත්තේ දෙපිරිසක් අතර ගැටුමක්

දිල්ශාන් තුෂාර/සුපෙම් මානගේ




මාලිගාවත්ත ලී මෝල වත්තේ දී අද (14) පෙරවරුවේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

මුදල් ගණුදෙනුවක් සිදු කර ගැනීම සඳහා කාර් රථයකින් ලී මෝල වත්තට සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ සිට ඇති අතර ඔවුන් කාර් රථයේ අධික ශබ්දයකින් ගීත අසමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ දිනවල මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස කාලය බැවින් අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම පිළිබඳව ලී මෝල වත්තේ පිරිසක් කාර් රථයේ පිරිස සමග බහින්බස්වීමක් ඇති කරගෙන තිබූ බවට පොලිසියට කරුණු වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එය දුරදිග ගොස් දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන අතර ගැටුමෙන් කාර් රථයේ පැමිණි 03 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ලී මෝල වත්තේ පිරිස විසින් අදාළ කාර් රථයටද දැඩි අලාභහානි සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.