Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමැතිගේ ආරාධනය සංගක්කාරත් ප්‍රතික්ෂේප කරයි

කසුන් කැළුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස නම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනය හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙත ලිපියක් මගින් සංගක්කාර ඒ බව දන්වා තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පෙරේදා නිවේදනය කළේ ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම යන හිටපු ක්‍රීඩකයින් ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවයි.

මීට පෙර මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් ද ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනය ප්‍රතික්ෂේප කළා.