Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රංශයෙන් ඔස්ට්‍රේලියාවට ප්‍රහාරයක් (UPDATE)

සමන්ත කුමාර




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සී කාණ්ඩය යටතේ අද (16) පැවැති තරගයකින් ජය ගැනීමට ප‍්‍රංශය සමත්වුණා. ඒ, ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස පරාජය කරමින්.

තරගයේ 58 වන මිනිත්තුවේදී ප‍්‍රංශ කි‍්‍රඩක අන්තයින් ගේ‍්‍රස්මන් තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ඊට පිළිතුරු වශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ මයිල් ජෙඩිනක් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ තරගයේ 62 වන මිනිත්තුවේදීයි. එහෙත් තරගයේ 80 වන මිනිත්තුවේදී පෝල් පෝග්බා  ලබා ගත් ගෝලයත් සමග ප‍්‍රංශය තරගයේ ජයග‍්‍රණය තමන් වෙත නතු කර ගත්තා.

 

 

...................................................................................................................................................................

ප‍්‍රංශය සහ ඔස්ටේ‍්‍රලියාව අතර පාපන්දු ගැටුම ඇරඹෙයි

(16-06-2018 17:13)

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සී කාණ්ඩයේ තරගයක් මේවනවිට පැවැත්වෙනවා. ඒ, ප‍්‍රංශය සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතරයි. තරගය ආරම්භ වී මේවනවිට විනාඩි 30ක් පමණ ගතවී ඇතත් මෙතෙක් දෙපිලම ගෝල වාර්තා කර නැහැ. 

FIFA  ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ප‍්‍රංශය 07වන ස්ථානයේ රැඳී සිටින අතර ඔස්ටේ‍්‍රලියාව පසුවන්නේ 36 වන ස්ථානයේයි.