Friday, April 26, 2024

General line - 0115112241

අලි දෙන්නා ජනාධිපතිට බලා ගන්නලු

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ අලි දෙදෙනාගේ වගකීම ජනාධිපතිවරයා දැන් භාරගත යුතු බව වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.

අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝග මත නතර කිරීම ඊට හේතුව බවයි ඔහු පැවසුවේ. 

අඩු පහසුකම් මධ්‍යයේ වුවද වනජීවි අමාත්‍යංශය කටයුතු කරන්නේ රටේ වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. 

ලෝක උරුමයක් වූූ සිංහරාජ වනාන්තරයේ සිටින අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කරන්නැයි ඉකුත්දා උපදෙස් ලබා දුන්නා. එහෙත් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු එම මෙහෙයුම යළි ආරම්භ කළ බව විෂයභාර අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත් සිකුරාදා ප‍්‍රකාශ කළා.

ඒ සඳහා එක්ව සිටියේ ගුවන් හමුදා පශු වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙක්. ඊට හේතු වූයේ වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වී සිටීමයි. පසුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙහෙයුමට එක්ව සිටි ගුවන් හමුදා පශු වෛද්‍ය නිලධාරීන් දෙදෙනා ද ආපසු කැඳවා තිබුණා.