Saturday, April 27, 2024

General line - 0115112241

වැල්ල හාරා බීමට ජලය සොයන අපේ ජනතාව (PHOTOS)

ප්‍රියංකර කළුපහන




කල්පිටිය අර්ධද්වීපයට සීමා මායිම්ව පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතේ ජීවත් වන ධීවර ජනතාවට පානිය ජලය නොමැතිකමින් ඔවුන් උග්‍ර පානීය ජල ප්‍රශ්ණයකට මුහුණ පා සිටිනවා.

බත්තලංගුණ්ඩුව දූපත පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් ඇති ස්වාභාවික දූපතක්. එහි සුන්දරත්වය වචන වලින් කියා නිම කිරීමට නොහැකි වුවත් අද වන විට එහි ජීවත්වන ජනතාවට ගෙවන්නට සිදුව ඇත්තේ කටුක දිවියක්.

බත්තලංගුණ්ඩුව දූපතේ ධීවර පවුල් 1700ක් පමණ ජීවත් වෙනවා. 

මෙම ධීවර පවුල් 1700ම පානය කිරීම සදහා පිරිසිදු ජලය නොමැති නිසාවෙන් මෙලෙස  උග්‍ර පානීය ජල ප්‍රශ්ණයකට මුහුණ දී සිටිනවා.

ඔවුන් වෙරළේ වළවල් හාරා පානීය ජලය ලබා ගන්නා අතර  එම ජලයේ බොහෝවිට වැලි මිශ්‍ර වී තිබෙනවා.

වෙරළ ආශ්‍රිතව වළවල් සාදා ජලය ගන්නා ස්ථාන ඌත්තු ළිං ලෙස හදුන්වන මොවුන් කළගෙඩියකට ජලය පුරවා ගැනීම සඳහා පැය භාගයක පමණ කාලයක් ගත කර අපමන වෙහෙසක් විඳින බවයි වාර්තා වෙන්නේ. 

අඟල් කිහිපයක් ගැඹුරට වැලි පොළව මෙලෙස හාරා ගැනීමෙන් පසු වැලි කඩා වැටීම නවතා ගැනීම සඳහා යට කොටස කපා ඉවත් කරන ලද ප්ලාස්ටික් භාජනයක් ඒ තුළ තැන්පත් කරනවා. ධීවර ජනතාව පවසන්නේ වැසි ජලය මෙලෙස වෙරළ ආශ්‍රිතව තැන්පත් වී ඇති අතර එම ජලය තම ජනතාව පානය කිරීම සඳහා භාවිතා කරන බවයි.